1929.06.13 දින ආරම්භ කළ අප පාසල අතීතයේ දී ප්‍රාථමික හා ද්විතීයික අංශ 2ම පැවැතිනි.මේ වන තෙක් කාලය තුළ විදුහල්පතිවරු 18ක් ද විදුහල්පතිනියන් 2ක් ද පාසලේ සේවය කර ඇත . අතීතයේ දී එක් වසරකට සීමිත ළමුන් ප්‍රමාණයක් පාසලට ඇතුළත් කර ඇති අතර වර්තමානයේ දී එය කෙමෙන් කෙමෙන් වර්ධනය වී වර්තමානයේ දී එක් වසරකට 300ට අධික ළමුන් පිරිසක් අප විද්‍යාලය වෙත ඇතුළත් වේ. කළා,ක්‍රීඩා හා තවත් විවිධ අංශ මගින් ඉතා විශිෂ්ට ජයග්‍රහණ රැසක් අප පාසල මේ වන විට ලබා ඇත. පෙර ඉතා සීමිත ගුරුවරුන් ප්‍රමාණයක් සේවය කළ අප පාසල අද මෙන් එදා ද ප්‍රදේශයේ තිබූ උසස් පාසලකි.අප පාසලෙ ප්‍රථම විදුහල්පති ධූරය හොබවනු ලැබුවේ යූ.බී.දිසානායක විදුහල්පතිතුමාය . එතුමාගෙන් ඉතා විශිෂ්ට සේවයක් අප විද්‍යාලයට සිදුවිය. අප පාසලේ ආරම්භයේදී එක් ගොඩනැගිල්ලකින් ආරම්භ වුවත් වර්තමානයේ දී එය 56ක් දක්වා වර්ධනය විය.2001 වසර දක්වා එකට පැවති අප පාසලේ ප්‍රාථමික හා ද්විතීයික අංශවලින් ප්‍රාථමික අංශය 2001.01.31දින සිට වෙනත් පාසලක් බවට පත්විය.මීට අමතරව අප පාසලේ තාක්ෂණික අංශය 2013 වසරේ දී ආරම්භ විය. 2022 වසරේ පැවති රාජය යටතේ අප පාසල ජාතික පාසලක් බවට පත්විය .





