අ/විද්‍යාදර්ශ ජාතික පාසල

අ/විද්‍යාදර්ශ ජාතික පාසල

1st Place in national music compition - Shavinidhu praboo

1st Place in national music compition -Nathasha geethmi

Official logos for the new prefects board Council are unveiled.

images 5.jpg
images 5.jpg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.


පිරිමි ළමුන් 

  • සෑම කනිෂ්ඨ ශිෂ්‍යයෙකුම නිල් කොට කලිසමකින් හා සුදු අත් කොට කමිසයකින් සැරසී පාසලට පැමිණිය යුතුයි.
  • සෑම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකුගේම නිල ඇදුම වන්නේ සුදු දිග කලිසම හා සුදු අත් කොට කමිසයයි
  • පිරිමි ළමුන්ගේ කමිස සාක්කුවේ උඩ පාසල් නිල ලාංජනය මසා තිබිය යුතුයි.සියලුම පිරිමි ළමුන් කළු සපත්තු හා කළු මේස් ඇඳිය යුතුයි.
  • සියලුම ශිෂ්‍යයින් කොණ්ඩය කොටට කපා හොඳින් පීරා සකස් කර තිබිය යුතුයි .ජෙල් පාවිච්චිය සපුරා තහනම් වේ. හිස වර්ණ කිරිම නොකල යුතුය.

ගැහැණු ළමුන් 

  • සෑම ශිෂ්‍යාවක්ම නිවැරදි පාසල් නිල ඇදුමෙන් සැරසී පාසලට පැමිණිය යුතුයි.
  • නිල ඇදුම කොළරය සහිත විය යුතු අතර, සාය අඟල් 02 ක පමණ ප්‍රමාණය සිටින සේ රැළි තිබිය යුතුය.නිල ඇදුම දණ හිසෙන් අඟල් 02 ක් පහලට සිටින සේ ඇදිය යුතුය. නියමිත විද්‍යාලයීය ටයි පටිය පැළඳිය යුතුය.
  • සියලුම ගැහැණු ළමුන් සුදු සපත්තු හා සුදු මේස් ඇඳිය යුතුය .
  • පාසලෙහි ශිෂ්‍යයෙකු,ශිෂ්‍යාවක වශයෙන් සිටින තාක් පාසලට පැමිණෙන කවර අවස්ථාවක වුවද, පාසලෙ නිල ඇදුමෙන් පැමිණිය යුතුය.පාට ඇදුම් ඇදිය හැක්කේ විදුහල්පතිතුමාගේ විශේෂ අවසරය ඇති විටෙක පමණි.
  • සාමාන්‍ය කරාබු හැර ව්සිතුරු කර්ණාභරණ, මුදු, මාල වළලු ආදිය දැමිමෙනේ වැළකිය යුතුය.
  • ශිෂ්‍යාවන් කොණ්ඩය පීරා කරල් දෙකකට ගොතා අග කළු රිබන් පටියකින් ගැට ගැසිය යුතුය.
  • කොණ්ඩය කොටට කපා ඇත්නම් නිසි ලෙස පිරා බෙල්ලට නොවැටෙන සේ සකස් කර තිබිය යුතුය.