- දිනපතා පෙ.ව 7.30 ට පෙර පාසලට පැමිණීය යුතුය.
- එක් දිනකට වඩා පාසලට නොපැමිණෙන විටදී ශිෂ්‍ය වාර්තා පොත මගින් දැනුම් දිය යුතුය.
- සියලුම සිසුන් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා කාලය තුල පාසල් භූමියෙන් නිසි අවසරයකින් තොරව නොයා යුතුය
- ජංගම දුරකථන , සීඩී තැටි , කැමරා වැනි නොගැලපෙන උපකරන හා පුවත් පත් , සගරා , පත්‍රිකා රැගෙන නොආ යුතුය
- විදුහලේ ගෞරවයට හා නීතියට හානි වන පරිදි පාසල තුලදී හා පිටතදී හැසිරීම නොකල යුතුය
- විද්‍යාලය තුලදී නවක වදය සම්පූර්ණයෙන්ම තහනම් වේ.
- විද්‍යාලයේ සියලුම ගුරුවරුන්ට කීකරුව හා අවනතව සිටිය යුතු අතර, ශිෂ්‍ය නායක නායිකාවන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුය.
- පාසලේ නීති රීති උල්ලංඝනය කරන නොමනා පැවතුම් ඇති සිසුන්ට සුදුසු දඩුවම් පමුනුවනු ලැබේ.එම වරද හා දඩුවම් පෞද්ගලික ලිපි ගොනුවෙහි සටහන් කෙරේ.පාසලෙන් චරිත සහතිකයක් නිකුත් කිරීමේදී මෙය සැලකිල්ලට ගනු ලැබේ.





