අ/විද්‍යාදර්ශ ජාතික පාසල

අ/විද්‍යාදර්ශ ජාතික පාසල

1st Place in national music compition - Shavinidhu praboo

1st Place in national music compition -Nathasha geethmi

Official logos for the new prefects board Council are unveiled.

images 5.jpg
images 5.jpg

විදුහල්පති පණිවිඩය

Indika Rathnasiri

 

"සද්දන්ත අලි ඇතුන්ගෙනුත් මුවහත් අන්දර කටු වල තියුණු බවිනුත් කටුක අව් රශ්මියෙනුත් පන්නරය ලබමින් ජීවිතය ගැටගහන අපේ දූ දරුවන්ට අලුත් ලෝකයට පාර කියන මහා තක්සලාව අ විද්‍යාදර්ශ මහා විදයාලයයි කැලෑ අතු ඉති කපාගෙන මානලදු පීරගෙන පාසලට පැමිණි අතීතය තවත් පරපුරකට උරුම නොකොට , 21 වන සියවස සමග සබැදි තාක්ෂනය ඇගිලි තුඩින් පිරිමදිමින් නවීන ලෝකයට ප්‍රෙව්ශ වීමට අවැසි ශක්තිය උත්පාදනය කරන විදුදස් මාතාව වැව් බැදි රජරටට ආශිර්වාදයකි එහි වත්මන් විද්‍යාලාධිපති ධූරය දරමින් 3000 ට අධික දූ දරුවන්ගේ නැණ පහන් දල්වා යැපුම් මානසික අදුර දුරලන්න අනවරත අරගලයක යෙදී සිටින සොදුරු ගුරු සහෘදයින් සමග කටයුතු කිරිමට ලැබීම මා ලද භාග්‍යයකි

මේ ගෙවෙන්නේ විද්‍යාදර්ශයේ වසන්ත සමයයි. පදුරු ගහමින් වැඩුණු වල් පැලෑටි උදුරා දමා ගුරුභවතුන් සහ දෙමාපියන් සමග සකස් කළ පාසල් උයනේ ක්‍රීඩා කරන සින්දු කියන චිත්‍ර අදින පරීක්ෂණ පවත්වන ගණන් හදන පොත් ලියන පුංචි පුංචි මල් කැකුලු දසත සුපිපෙමින් පවති ඒ උයනේ පිපුණු අලුත්ම මල දැන් සයිබර් අවකාෂයේ සුවද විහිදුවන්නට පටන් ගෙන තිබීම දැවැන්ත අනාගත ආයොඩනයක් සේ සලකමි මේ පිපෙන හැම මලකම සුවද මුලු රජරටම සුවද කරන්න වගේම මුලු ලොවක් සුවද වත් කරන්න හේතුවන බව මම තරයේම විශ්වාස කරමි එන්න විදුදස් සෙවනට අපි අපේ පාසල් මාතාව ආදරෙන් රැක බලා ගමු."

 

Indika Rathnasiri
PRINCIPAL
A/VIDYADARSHA NATIONAL SCHOOL.