අ/විද්‍යාදර්ශ ජාතික පාසල

අ/විද්‍යාදර්ශ ජාතික පාසල

1st Place in national music compition - Shavinidhu praboo

1st Place in national music compition -Nathasha geethmi

Official logos for the new prefects board Council are unveiled.

images 5.jpg
images 5.jpg
පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ

පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ

2022 පළාත් ක්‍රීඩා - කාංචන ලක්ෂාන්ගෙන් උස පැනීමේ නව තරග වාර්තාවක්

අප පාසලේ කාංචන සිසුවා 20න් පහළ බාලක උස පැනීමේ ඉසව්වෙන් පළාත් නව තරග වාර්තාවක් පිහිටුවමින් සමස්ත ලංකා වරම් ලබා ගත් අතර 20න් පහළ බාලිකා හෙල්ල විසිකිරීමේ තරගයට ඉදිරිපත් වු දෙව්නි සිසුවිය සමස්ත ලංකා වරම් හිමිකර ගන්නා ලදි. 14න් පහළ මීටර 80 දිවීමේ තරගයෙන් හේෂාන් සිසුවා පරිසාදන මට්ටමට යමින් කුසලතා සහතික සහ 100x4 14න් පහළ බාලක පරිසාදන මට්ටමට යමින් ජයග්‍රහණය කරන ලදි. කාංචන සිසුවාගේ පුහුණුවීම් සිදු කල ගුරු උපදේශක සුදත් ගුරු තුමන්ටත් ශක්ති වර්ධන ව්‍යායාම් සිදු කල පසිදු මහතාටත් විද්‍යාලයේ ස්තුතිය පුද කරමු

2022-පළාත් ක්‍රීඩා සැහැල්ලු පන්දු බාලිකා - 4 වන ස්ථානය අප විද්‍යාලයට

ඉතිහාසයේ ප්‍රථම වරට උතුරු මැද පළාත් ක්‍රීඩා තරගාවලියේ දී අප විදයාලයීය සැහැල්ලු පන්දු බාලිකා කණ්ඩායම උතුරු මැද පළාතේ පාසල් විශාල සංඛ්‍යාවක් අභිබවා යමින් සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. එම දැරියන්ට සහ අප විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ ගුරු මහත්ම මහත්මීන්ට විද්‍යාලයේ ස්තුතිය සහ උණුසුම් සුභ පැතුම්...

 


2022-පළාත් ක්‍රීඩා සැහැල්ලු පන්දු බාලක - 4 වන ස්ථානය අප විද්‍යාලයට

උතුරු මැද පළාත් ක්‍රීඩා තරගාවලියේ අප විදයාලයීය සැහැල්ලු පන්දු බාලක කණ්ඩායම උතුරු මැද පළාතේ පාසල් විශාල සංඛ්‍යාවක් අභිබවා යමින් සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. එම දරුවන්ට සහ අප විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ ගුරු මහත්ම මහත්මීන්ට විද්‍යාලයේ ස්තුතිය සහ උණුසුම් සුභ පැතුම්...

2022-කලාප ක්‍රීඩා 6 වන ස්ථානය අප විද්‍යාලයට

අනුරාධපුර නගරයේ සහ අවට පාසල් විශාල සංඛ්‍යාවක් අභිබවා යමින් අප විද්‍යාදර්ශ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කලාප ක්‍රීඩා කරගාවලියෙන් 6 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. එම දරු දැරියන්ට සහ අප විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ ගුරු මහත්ම මහත්මීන්ට විද්‍යාලයේ ස්තුතිය සහ උණුසුම් සුභ පැතුම්...

 

 

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය 2024 - ඒකල ගායනය ( කනිෂ්ඨ ) ගැහැණු - සරල ගී - ප්‍රථම ස්ථානය නතාශා ගීත්මි - 8 ශ්‍රේණිය - විද්‍යාදර්ශ ජාතික පාසල

 

New Admission of A/L Students 202

 

සමස්ත ලංකා චිත්‍ර තරඟය - 2023 පළාත් සහ කලාප ජයග්‍රහණ රැසක් අප විද්‍යාලයට

සමස්ත ලංකා චිත්‍ර තරඟය - 2023 පළාත් සහ කලාප ජයග්‍රහණ රැසක් අප විද්‍යාලය හිමි කර ගත් අතර ජපානයේ 31st Annual World Children's Picture Contest 2023/2024 Tokyo තරඟයෙන්ද සහතිකපත් ජයග්‍රහණය කිරීමට අප විද්‍යාලයේ සිසු සිසුවියන් සමත් වී ඇත.

Art Winners 2024

 

1ST PLACE - DICTATION - ENGLISH DAY COMPETETION 2024
CHARU VIBODHA JAYATHILAKE - GRADE 10G

 

English Day 2024

2024 පළාත් ඉංග්‍රීසි දින තරඟාවලියේ Dictation Event ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයේ 10 ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍ය පන්තියේ අධ්‍යාපනය ලබන චාරු විබෝධා ජයතිලක ශිෂ්‍යාව පසුගිය දා සමත් විය.(21.09.2024) විද්‍යාලයට කීර්තියක් ගෙන ආ එම සිසුවියට විදුහල්පතිතුමාගේ, අචාර්ය මණ්ඩලයේ සහ සියලුම සිසු දරු දැරියන්ගේ උණුසුම් සුභ පැතුම්.

 

2024 කොට්ඨාස ක්‍රීඩා උළෙලේ ශූරතා රාශියක් විද්‍යාදර්ශ ජාතික පාසලට

   16න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය
   18න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය
   20න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය
   20න් පහළ බාලක වොලිබෝල් ශූරතාවය